කලවාන – රද්දැල්ල ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පාසල් දැරියක් ඉන් බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි ව තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම දැරිවිය 16 හැවිරිදි වියෙහි පසුවන කලවාන – වැද්දාගල ප්‍රදේශයේ පදිංචි මෙවර සා/පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල ලද තැනැත්තියක් බවයි.
ඇය විභාගය අසමත් වීම හේතුවෙන් ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් සියදිවි හානි කරගැනීමට උත්සාහ කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ කිසියම් තරුණයින් පිරිසක් විසින් සිය දියණියව ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ගඟට තල්ලු කර දැමූ බවටයි.
කෙසේවෙතත් ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගී කරගනිමින් පොලිසිය විමර්ශන ආරම්භ කර පසුව ප්‍රදේශවාසීන් විසින් දැරිය බේරාගෙන කලවාන පොලිසියට භාරදීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව විභාගය අසමත් වීම බවට ප්‍රකාශ කර තිබෙනවා.
දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි වාර්තා වන්නේ.





