සා/පෙළ අසමත් වූ දුකට ගඟට පැන්න සිසුවියට බරපතළයි

කලවාන – රද්දැල්ල ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පාසල් දැරියක් ඉන් බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම දැරිවිය 16 හැවිරිදි වියෙහි පසුවන කලවාන – වැද්දාගල ප්‍රදේශයේ පදිංචි මෙවර සා/පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල ලද තැනැත්තියක් බවයි.

ඇය විභාගය අසමත් වීම හේතුවෙන් ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් සියදිවි හානි කරගැනීමට උත්සාහ කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ කිසියම් තරුණයින් පිරිසක් විසින් සිය දියණියව ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ගඟට තල්ලු කර දැමූ බවටයි.

කෙසේවෙතත් ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගී කරගනිමින් පොලිසිය විමර්ශන ආරම්භ කර පසුව ප්‍රදේශවාසීන් විසින් දැරිය බේරාගෙන කලවාන පොලිසියට භාරදීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව විභාගය අසමත් වීම බවට ප්‍රකාශ කර තිබෙනවා.

දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
15
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21