සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්

පෙබරවාරී 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතව සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාගය රට පුරා ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වීමට නියමිතයි.

පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ.

මීට අමතරව, ඕනෑම හදිසි අවස්ථාවකට සහාය වීමට සහ විශේෂයෙන් විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට නොහැකි අපේක්ෂකයින් ප්‍රවාහනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ද හිමිවන බව සඳහන්.

මේ අතර, සුළි කුණාටුව හේතුවෙන් අස්ථානගත වූ හෝ නැති වූ අනිවාර්ය ලියකියවිලි සම්බන්ධයෙන්, කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ග්‍රාම නිලධාරියාගේ අත්සන සහිත විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සහ පාසල් අයදුම්කරුවන් සඳහා පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන සහිත – ජාතික හැඳුනුම්පත වැනි වැදගත් හැඳුනුම්පතක් අහිමි වූ අපේක්ෂකයින් සඳහා තාවකාලික ලේඛනයක් ලෙස ඉදිරිපත් කළ හැකි බවයි.

එමෙන්ම විභාගය අවසන් වී මාස තුනක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි කොමසාරිස් ජෙනරාල්වරය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57