AFC Banner
Empty Ad
Empty Ad

“සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ” – ජනපති

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ; කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදියි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පූරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටළු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා ඇති බවත් ජනාධිපති මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නා.

එහිදී කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් කියා සිටියා.

රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් මෙම අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

පුරවැසියා තෘප්තිමත් කිරීම සදහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පලිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බවද සඳහන් කළේය.

ඉදිරි දින හතළිහක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළ කළේය.

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුරට සුබ ආරංචි අරගෙන ජෙරෝම්ලා පෙරට එයි
10:14
Video thumbnail
ආය ගේමට බැස්ස පුතාණෝ - "එළඹෙන මහ මැතිවරණයේදී ජය නියතයි" #sajithpremadasa
02:45
Video thumbnail
කාලගුණයේ හදීසි කැලඹීමක් ගැන අනාවරණයක්
01:22
Video thumbnail
හැමදාමාත් මැතිවරණයක් අවදියේදී මට ගැහුවා #shortvideo #viralvideo #1million #trendingnews
00:12
Video thumbnail
යකඩ වේයෝ කනවා දැකපු රෝසි - මෙයානම් මොළ ගෙනාපු නැවක්
00:54
Video thumbnail
කෝටි ගානක මත්ද්‍රව්‍ය සමග - අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙක් කොටු වෙයි
00:42
Video thumbnail
මාලිමා ආණ්ඩුව හදීසියේ IMF නියෝජිතයින් මුණගැසී කරපු සාකච්ඡාව#imfsrilanka #npp
01:57
Video thumbnail
පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් පොහොර සහනාධාරය නෑ #srilankagovernment #npp #unp
02:24
Video thumbnail
රනිල්ට ගෑස් සිලින්ඩරෙත් නැති වෙයිද ? - මෙන්න කොමිසමේ උත්තරේ #unp #ranilwickremesinghe
01:54
Video thumbnail
ජීවිතේට ප්‍රශ්න ආවාම - ඉවසීමෙන් උත්තර හොයන්න #goodmorning #haveaniceday
06:28

?