AFC Banner
AFC Banner
Empty Ad

සාමණේර නමකට අතවර කළ නායක හිමිට 21 වසරක සිර දඬුවම්

බාලවයස්කාර සාමණේර නමකට බරපතළ ලිංගික අතවර කිරිම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබු විහාරාධිපති හිමි නමකට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා බරපතළ වැඩ සහිත වසර 21ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව අද (29) කැඳවනු ලැබු අවස්ථාවේ දී විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කර විනිසුරුවරයා චෝදනා තුනටම වරදකරු කර එක් චෝදනාවකට වසර හත බැගින් සිරදඬුවම් නියම කෙරුණා.

එම සිරදඬුවම් කාලය එකවර ගෙවී යන ලෙස වසර හතක් අඩු කර ලබාදීමට ද එහිදි නියම වුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුපියල් 4500ක දඩයක් සහ වින්දිත පාර්ශ්වය සඳහා රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළා.

මීට වසර අටකට පෙර සිදු මෙම අපරාධ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනය කර ඉදිරිපත් කළ විමර්ශන වාර්තා අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?