සාමණේර නමකට අතවර කළ නායක හිමිට 21 වසරක සිර දඬුවම්

බාලවයස්කාර සාමණේර නමකට බරපතළ ලිංගික අතවර කිරිම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබු විහාරාධිපති හිමි නමකට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා බරපතළ වැඩ සහිත වසර 21ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව අද (29) කැඳවනු ලැබු අවස්ථාවේ දී විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කර විනිසුරුවරයා චෝදනා තුනටම වරදකරු කර එක් චෝදනාවකට වසර හත බැගින් සිරදඬුවම් නියම කෙරුණා.

එම සිරදඬුවම් කාලය එකවර ගෙවී යන ලෙස වසර හතක් අඩු කර ලබාදීමට ද එහිදි නියම වුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුපියල් 4500ක දඩයක් සහ වින්දිත පාර්ශ්වය සඳහා රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළා.

මීට වසර අටකට පෙර සිදු මෙම අපරාධ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනය කර ඉදිරිපත් කළ විමර්ශන වාර්තා අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබූ බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14