AFC Banner
Empty Ad
Empty Ad

සාපෙළ විභාගයට ලියන්න සිටි දුවගේ ලියකියවිලි ගිනිතැබූ පියාට කලදේ..!

සාපෙළ විභාගයට ඊයේ (01) පෙනී සිටීමට නියමිතව සිටි සිය දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ඇතුළු නිවසේ තිබූ සියලුම දේ ගිනි තබා විනාශ කළ පුද්ගලයකු මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (01) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ හේරත් මුදියන්සේලාගේ රවින්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි සැකකරුවෙකි. ඔහු විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දැරියගේ පියා බව පොලිසිය කියයි. සැකකරුගේ වැඩිමල් දියණිය සාමාන්‍ය පෙළ විභාගයට ඊයේ (01) පෙනී සිටීමට නියමිතව සිටි නිසා ඇයගේ හැඳුනුම්පත සහ විභාග ප්‍රවේශ පත්‍රය ඇතුළු ලියකියවිලි ගිනිගෙන ඇති බවට පොලිසිය විසින් සහතික කරන ලද ලිපියක් විභාග ශාලාධිපතිවරයාට නිකුත් කර ඇත.

පොලිසිය අධිකරණයට කියා සිටියේ සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වැනි දින රාත්‍රී බිරියට පහරදී නිවසේ තිබූ සියලුම දේට ගිනි තබා ඇති බවය. හබරාදුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක විමල් ප්‍රේමවංශ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?