සාපෙළ විභාගයට ලියන්න සිටි දුවගේ ලියකියවිලි ගිනිතැබූ පියාට කලදේ..!

සාපෙළ විභාගයට ඊයේ (01) පෙනී සිටීමට නියමිතව සිටි සිය දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ඇතුළු නිවසේ තිබූ සියලුම දේ ගිනි තබා විනාශ කළ පුද්ගලයකු මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (01) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ හේරත් මුදියන්සේලාගේ රවින්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි සැකකරුවෙකි. ඔහු විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දැරියගේ පියා බව පොලිසිය කියයි. සැකකරුගේ වැඩිමල් දියණිය සාමාන්‍ය පෙළ විභාගයට ඊයේ (01) පෙනී සිටීමට නියමිතව සිටි නිසා ඇයගේ හැඳුනුම්පත සහ විභාග ප්‍රවේශ පත්‍රය ඇතුළු ලියකියවිලි ගිනිගෙන ඇති බවට පොලිසිය විසින් සහතික කරන ලද ලිපියක් විභාග ශාලාධිපතිවරයාට නිකුත් කර ඇත.

පොලිසිය අධිකරණයට කියා සිටියේ සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වැනි දින රාත්‍රී බිරියට පහරදී නිවසේ තිබූ සියලුම දේට ගිනි තබා ඇති බවය. හබරාදුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක විමල් ප්‍රේමවංශ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59