AFC Banner
AFC Banner
Empty Ad

සාදයක් අතර තුර වවුනියාවේ නිවසකට ගිනි තැබූ සිද්ධියේ තවත් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (26) අලුයම මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් පසුගිය 23 වනදා මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයායි.

පොලිසිය සඳහන් කළේ යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

අදාළ තරුණයා පිළිස්සුම් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් ඊයේ (25) ඥාතීන් විසින් යාපනයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඔහුව ඇතුළත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
46
+1
11
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?