ස්පා ගිය අය රත්වෙලා – වැහුව ස්පා එක අහලා පොලිසියට කෝල් පිට කෝල්

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වෛරසය ශරීර ගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සම්බාහන මධ්‍යස්ථාන වෙත සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් සම්බාහන මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති පෞද්ගලික තොරතුරුවලට අනුව එම පුද්ගලයන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ඊයේ (27) දින මීගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. ආසාධිත කාන්තාවන් දෙදෙනෙකු හඳුනාගත් බව සැලවීමත් සමග ඔවුන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසිය වෙත දුරකථන ඇමැතුම් රැසක් ලැබෙන බව වාර්තා වනවා.

පසුගිය දිනක මීගමු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයන් සඳහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී එයට සහභාගී වූ එක් අයකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බවත්, ඉන් අනතුරුව අදාළ අංශ විසින් ඔහුගෙන් කරන ලද විමසීම්වල දී හෙළිවී ඇත්තේ ඔහු දීර්ඝකාලීනව සම්භාහන මධ්‍යස්ථානවල සේවය ලබාගත් සාමාජිකයකු බවත්ය.

ඉන් අනතුරුව විමර්ශනයක් ආරම්භකර සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන පනස් තුනක සේවයේ නියුතු කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිට තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
6
+1
4
+1
3
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?