ස්පාඤ්ඤයේ රජු සහ රැජිනට මඩ සහ ගල් ප්‍රහාරයක්

ගංවතුරින් විපතට පත් වැලෙන්සියා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් මහජනයා විසින් මඩ සහ ගල්වලින් පහර දී තිබෙනවා.

ගංවතුරින් දරුණුතම බලපෑමට ලක් වූ පයිපෝටා නගරය හරහා රාජකීය යුවළ ගමන් කරන අවස්ථාවේ දී කෝපයට පත් මහජනයා විරෝධතා පාඨ කියමින් ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිරීක්ෂණ සංචාරයට ස්පාඤ්ඤයේ අගමැති සහ රජයේ නිලධාරීන් පිරිසක් ද එක්ව ඇති බවයි වාර්තා වුණේ.

තමන්ගේ මුහුණු සහ ශරීරයේ මඩ තැවරුනත් ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු සහ ලෙටිසියා රැජින රැස්ව සිටි මහජනතාව සනසනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ගංවතුරට පෙර බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමි සිදු නොකිරීම සහ ගංවතුරෙන් පසු ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව මෙලෙස මහජනයා ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

දශක කිහිපයකට පසු පසුගිය දා ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් විශාල සංඛාවක් අතුරුදන්ව සිටිනවා.

දිවි ගලවා ගත් අය බේරා ගැනීමට සහ මළ සිරුරු ගොඩගැනීමේ බලාපොරොත්තුවෙන් හදිසි සේවකයින් භූගත රථගාල් සහ උමං මාර්ගවල මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?