ස්පාඤ්ඤයේ ගංවතුරෙන් මියගිය ගණන 150 පනියි – සුප්‍රසිද්ධ පාපන්දු තරගත් කල් යයි

ස්පාඤ්ඤයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 158 සීමාව ඉක්මවා තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම ස්වාභාවික විපත්තියෙන් දිවි ගලවා ගත්තා යැයි සිතිය හැකි අතුරුදන් වූවන් සොයා තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මෙම ගංවතුර තත්ත්වය ඉතිහාසයේ ඇති වූ මාරාන්තික ම සහ දරුණුතම ගංවතුර තත්ත්වය බවයි ස්පාඤ්ඤ රජය පවසන්නේ.

ඊයේ (31) දිනයේ දීත් 1200කට අධික කම්කරුවන් ප්‍රමාණයක් යොදවා ඩ්‍රෝන යානා ආධාරයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

වර්ෂාව දිගින් දිගටම ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රාන්තවලට තර්ජනයක් වී ඇති බවයි පැවසෙන්නේ.

ස්පාඤ්ඤයේ අගමැති පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ මේ වනවිට වැදගත් ම දේ වන්නේ හැකි තරම් ජීවිත බේරා ගැනීම බවයි.

මේ අතර මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජ තරගාවලියක් වන LaLiga තරගය කල් දමා තිබෙනවා.

Valencia සමග Real Madrid අතරයි මෙම තරගය අද පැවැත්වීමට නියමිත ව තිබුණේ.

නමුත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් අදාළ තරග කල් දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47