ස්පාඤ්ඤයේ ගංවතුරෙන් මියගිය ගණන 150 පනියි – සුප්‍රසිද්ධ පාපන්දු තරගත් කල් යයි

ස්පාඤ්ඤයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 158 සීමාව ඉක්මවා තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම ස්වාභාවික විපත්තියෙන් දිවි ගලවා ගත්තා යැයි සිතිය හැකි අතුරුදන් වූවන් සොයා තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මෙම ගංවතුර තත්ත්වය ඉතිහාසයේ ඇති වූ මාරාන්තික ම සහ දරුණුතම ගංවතුර තත්ත්වය බවයි ස්පාඤ්ඤ රජය පවසන්නේ.

ඊයේ (31) දිනයේ දීත් 1200කට අධික කම්කරුවන් ප්‍රමාණයක් යොදවා ඩ්‍රෝන යානා ආධාරයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

වර්ෂාව දිගින් දිගටම ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රාන්තවලට තර්ජනයක් වී ඇති බවයි පැවසෙන්නේ.

ස්පාඤ්ඤයේ අගමැති පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ මේ වනවිට වැදගත් ම දේ වන්නේ හැකි තරම් ජීවිත බේරා ගැනීම බවයි.

මේ අතර මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජ තරගාවලියක් වන LaLiga තරගය කල් දමා තිබෙනවා.

Valencia සමග Real Madrid අතරයි මෙම තරගය අද පැවැත්වීමට නියමිත ව තිබුණේ.

නමුත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් අදාළ තරග කල් දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?