ස්කෑන් යන්ත්‍රයෙන් කළ වාහන සොරකම

පසුගිය (27) වනදා තලවතුගොඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ බව කියන මෝටර් රථයක් සොරකම් කිරීම සඳහා වාහන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට භාවිත කරන නවීන මෝටර් රථ ඩිජිටල් ස්කෑනර් යන්ත්‍රයක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අතුරුගිරියේ බැංකු නිලධාරියකුගේ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මෝටර් රථයක් තලවතුගොඩ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලකින් සොරාගෙන ගොස් ඇති බවටයි වාර්තා වුයේ.

කොල්ලකෑම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ තලංගම පොලිසිය සිද්ධියෙන් පැය 24ක් ඇතුළත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මෝටර් රථය ද සොයා ගෙන තිබෙනවා.

කඩුවෙල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සතුව තිබී ස්වයංක්‍රීයව මෝටර් රථයක් පණ ගැන්විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් සොයා ගැනුණා.

සැකකරු විසින් මෙම යන්ත්‍රය අන්තර්ජාලයේ ප්‍රචාරයක් මගින් රුපියල් 60,000 කට මිලදී ගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර දෙවන සැකකරු සතුව විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 2000කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇතැයි සඳහන්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29