AFC Banner
Empty Ad
Empty Ad

සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇත.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසීය.

මේ අතර සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට ඊයේ (27) කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඩඩ්ලි සිරිසේන මහතා,

“මේ පිළිබඳ දිගින් දිටම යම් යම් චෝදනා රජයට කළත් රජයට එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න ගණනාවක් එක්ක රජය ඉන්නේ. යම් යම් අතපසුවීම් වෙන්න ඇති. ඒ සියල්ල රජය පසුව නිවැරදි කළා. මේ වගේ අනපේක්ෂිත අවස්ථාවකට මුහුණදුන්නට පස්සේ, රජයට නෙමෙයි කාටවුණත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා.”

නාඩු වී රු 62.50කට, සම්බා වී රු 70කට හා කිරී සම්බා රු 80කට යන මිල ගණන් යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?