සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇත.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසීය.

මේ අතර සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට ඊයේ (27) කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඩඩ්ලි සිරිසේන මහතා,

“මේ පිළිබඳ දිගින් දිටම යම් යම් චෝදනා රජයට කළත් රජයට එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න ගණනාවක් එක්ක රජය ඉන්නේ. යම් යම් අතපසුවීම් වෙන්න ඇති. ඒ සියල්ල රජය පසුව නිවැරදි කළා. මේ වගේ අනපේක්ෂිත අවස්ථාවකට මුහුණදුන්නට පස්සේ, රජයට නෙමෙයි කාටවුණත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා.”

නාඩු වී රු 62.50කට, සම්බා වී රු 70කට හා කිරී සම්බා රු 80කට යන මිල ගණන් යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38