සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට සනාථ වෙයි

යාපනයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සියදිවි හානි කරගැනීමක් බව තහවුරු වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම තොරතුර අනාවරණය වී ඇත්තේ මළසිරුර සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී බවයි.

යාපනය – චාවකච්චේරිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කළ මෙම මරණකාරිය පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍ය ප්‍රේම්කුමාර් නාමසිවායම් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි අනුව යාපනය රෝහලේ හදිසි මරණ පරික්ෂක එස්.ජෙයබාලන් මහතා විසින් මෙම මරණය සියදිවි හානිකරගැනීමක් බවට නිගමනය කරනු ලැබුවා.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකු බවත්, ඔවුන් දෙදෙනාට දාව සය හැවිරිදි දියණියක් ද සිටින බවත් වාර්තා වනවා.

මරණකාරිය සියදිවි නසා ගැනීමේ දී ඇයගේ කුස තුළ තවත් මාස 06ක පමණ බිළිඳු කළලයක් ද තිබී ඇති බවත්; ඒ අනුව ඇය මියයන විට ද ගැබිණි මවක් ලෙස සිට ඇති බවත් මරණකාරියගේ මරණයත් සමග එම කළලය ද විනාශ වී ඇති බවත් වෛද්‍යවරු තහවුරු කළා.

එම කළලය බේරා ගැනීමට ද වෛද්‍යවරු උත්සාහ ගැනුණ ද එය ව්‍යර්ථ වී ඇති බවයි පැවසෙන්නේ.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ බිරිඳ කාමරය තුළට ගොස් ඉටිපන්දමක් දැල්වීමට ගිය විට දී මෙම අනතුර සිදු ව ඇති බවයි.

කෙසේවෙතත් මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ දේහය ආදාහනය නොකොට යළි ගොඩගැනීමට අවශ්‍ය වුවහොත් ගත හැකි පරිද්දෙන් වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසට ද ඥාතීන්ට අධිකරණය දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?