Empty Ad
AFC Banner
Empty Ad

සලෝචන ගමගේ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් මිලියන 09ක අල්ලස මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ දී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09ක අල්ලසක් ලබාගැනීමේ දී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් පසුගිය දෙසැම්බර් 27 වනදා අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?