Empty Ad
AFC Banner
Empty Ad

සලෝචන ගමගේට ඇප (වීඩියෝ)

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ 90 අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (24) නියෝග කළා.

ඒ, අනුව සැකකරුවන්ට 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

ඇප නියෝග ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් ද තනම් කළා.

චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුව පසුගිය දෙසැම්බර් 27 වනිදා කළ වැටලිමක දී පිටකෝට්ට ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට දී රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදල් ලබාගන්නා අවස්ථාවේ දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම නඩුව මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?