සල්ලි ප්‍රශ්නයක් නිසා පුද්ගලයෙක් මරලා

පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදීමක් හේතුවෙන් තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 54ක සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?