AFC Banner
AFC Banner
Empty Ad

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන යෝජනා හෙට එළියට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා හෙට (08) දිනය වන විට ඊට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ එකොළහේ නායකයින් සහ 43වන සේනාංකය සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සියලුදෙනා තුළ ඇති උද්යෝගය ජනාධිපතිවරයා පැසසීමට ලක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?