සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන යෝජනා හෙට එළියට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා හෙට (08) දිනය වන විට ඊට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ එකොළහේ නායකයින් සහ 43වන සේනාංකය සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සියලුදෙනා තුළ ඇති උද්යෝගය ජනාධිපතිවරයා පැසසීමට ලක්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31