‘සර්ත් ෆේල්…. ගෝලයෝත් ෆේල්’ – හරීන් ප්‍රනාන්දු

ආණ්ඩුවේ හදිසි කැබිනට් මණ්ඩල වෙනසින් පෙනී යන්නේ සර්ත්… ෆේල් සර්ගේ ගෝලයෝත් ෆේල්… බව යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ ඒ අමාත්‍යාංශවල කටයුතු කළ ඇමැතිවරුන් ෆේල් වීම නිසා මෙතරම් ඉක්මනට ජනාධිපතිවරයාට අමාත්‍යාංශ මාරු කිරීමට හේතුවූ බවද හෙතෙම කීය.

මේ වනවිට කොවිඞ් මරණ අනුපාතය වැඩිම රට බවට පත්ව සිටින මැලේසියාවේ අගමැති එම වගකීම භාරගෙන ඉල්ලා අස්වුවද එහි තුන්වැනියාට සිටින රට වන ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලකයන් විසින් දෙවියන්ට භාරදී තිබෙන බව හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුව හොඳටම ෆේල් වී ඇති බව මනාව තහවුරුවී ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?