සයීෆ් අලි ඛාන්ට පිහියෙන් ඇන පහර දුන් තැනැත්තා විදේශිකයෙක් ? – පොලිසියට අධිකරණයෙන් අවසරයක්

සුප්‍රකට බොලිවුඩ් සම්මානිත නළුවෙකු ලෙස සැලකෙන සයිෆ් අලි ඛාන්ට පසුගියදා එල්ල වූ පිහි ප්‍රහාරයේ සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ ඊයේ (19) රාත්‍රියේ දී සිද්ධියට සම්බන්ධ සැකකරු මුම්බායි නගරයේ තානේ ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගත් සැකකරු ඉන්දීය ජාතිකයෙකු නොවන බවත් ඔහු බංග්ලාදේශ ජාතිකයෙකු බවත් හෙළි ව තිබෙනවා.

නමින් මොහොමඩ් ෂරීෆුල් ඉස්ලාම් ෂෙසාඩ් නමින් හැඳින්වෙන සැකකරු නීතිවිරෝධී ව ඉන්දියාවේ රැඳී සිටින්නෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත් ෂෙසාඩ් නමැති චූදිතයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තම සේවාදායකයා බංග්ලාදේශයේ නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

මූලික සාක්ෂිවලින් පෙනී යන්නේ සැකකරු මාස ​​හයකට පමණ පෙර නගරයට පැමිණ ව්‍යාජ නමක් සහ හැඳුනුම්පතක් භාවිතා කරමින් ගෘහ පාලන ආයතනයක සේවය කර ඇති බවයි.

මෙම සැකකරු ඛාන්ගේ සුපිරි නිවසට රිංගා ඇත්තේ වටිනා දේපොළ කොල්ලකෑමේ අරමුණින් බවත් හෙළි ව තිබෙනවා.

කෙසේවෙතත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට සහ ප්‍රශ්න කිරීමට මුම්බායි අධිකරණය විසින් පොලිසිය භාරයට සැකකරු පත් කර ඇති බවත් වාර්තා වනවා.

පිහි ඇනුම් කිහිපයකට ලක් වූ නළු සයිෆ් අලි ඛාන් මේ වනවිට සැත්කම් කිහිපයකින් අනතුරුව ලීලාවතී රෝහලේ නේවාසිකව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08