සයීෆ් අලි ඛාන්ට පිහියෙන් ඇන පහර දුන් තැනැත්තා විදේශිකයෙක් ? – පොලිසියට අධිකරණයෙන් අවසරයක්

සුප්‍රකට බොලිවුඩ් සම්මානිත නළුවෙකු ලෙස සැලකෙන සයිෆ් අලි ඛාන්ට පසුගියදා එල්ල වූ පිහි ප්‍රහාරයේ සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ ඊයේ (19) රාත්‍රියේ දී සිද්ධියට සම්බන්ධ සැකකරු මුම්බායි නගරයේ තානේ ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගත් සැකකරු ඉන්දීය ජාතිකයෙකු නොවන බවත් ඔහු බංග්ලාදේශ ජාතිකයෙකු බවත් හෙළි ව තිබෙනවා.

නමින් මොහොමඩ් ෂරීෆුල් ඉස්ලාම් ෂෙසාඩ් නමින් හැඳින්වෙන සැකකරු නීතිවිරෝධී ව ඉන්දියාවේ රැඳී සිටින්නෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත් ෂෙසාඩ් නමැති චූදිතයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තම සේවාදායකයා බංග්ලාදේශයේ නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

මූලික සාක්ෂිවලින් පෙනී යන්නේ සැකකරු මාස ​​හයකට පමණ පෙර නගරයට පැමිණ ව්‍යාජ නමක් සහ හැඳුනුම්පතක් භාවිතා කරමින් ගෘහ පාලන ආයතනයක සේවය කර ඇති බවයි.

මෙම සැකකරු ඛාන්ගේ සුපිරි නිවසට රිංගා ඇත්තේ වටිනා දේපොළ කොල්ලකෑමේ අරමුණින් බවත් හෙළි ව තිබෙනවා.

කෙසේවෙතත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට සහ ප්‍රශ්න කිරීමට මුම්බායි අධිකරණය විසින් පොලිසිය භාරයට සැකකරු පත් කර ඇති බවත් වාර්තා වනවා.

පිහි ඇනුම් කිහිපයකට ලක් වූ නළු සයිෆ් අලි ඛාන් මේ වනවිට සැත්කම් කිහිපයකින් අනතුරුව ලීලාවතී රෝහලේ නේවාසිකව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?