සමුද්‍රීය ආරක්ෂාව වඩාත් ශක්තිමත් කිරීමට හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 106 අංකය මඟින් සෘජුවම වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවක දී දැනුම්දීමේ හැකියාව පවතිනවා.

අලුතින් හඳුන්වා දුන් මෙරම ක්ෂණික ඇමතුම් අංකය තුළින්, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණ වී තිබෙනවා.

මහජනතාව, නාවිකයින් සහ වෙරළබඩ ප්‍රජාවන්ට ක්ෂණික හා සෘජු සන්නිවේදන ක්‍රමවේදයක් ලබාදීමෙන්, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ පාරිසරික සංරක්‍ෂණය සඳහා වන ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට උත්සාහ කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතම ආයතනය වන වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරනු ලබනවා.

මුහුදේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම, තෙල් කාන්දු කළමනාකරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම, සෝදිසී කිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේදී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහා ද එය සක්‍රියව දායක වනවා.

සියළුම නාවිකයින්, ධීවරයන් සහ මුහුදු ආශ්‍රිත ප්‍රජාවන් හට මුහුදේ සිදුවන හදිසි අවස්ථාවන්හි දී හදිසි ඇමතුම් අංක 106 භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?