මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත්ම භයානකයි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ශ්‍රී ලාංකීය පාසල් සිසුන් හට සදාචාරය, වගකීම සහ විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කරමින් ජාතික මාධ්‍ය කතිකාවතට සක්‍රීයව දායක වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් කොළඹ ආනනද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ ඊයේ (14) දිනයේ පැවති “සංදේශය” මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.
කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ “සංදේශය” සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මාන පිරිනැමීමත්, පාසල් අංශයේ දක්ෂයින් වෙනුවෙන් මාධ්‍ය සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යයයේ තිබෙන තොරතුරු අන් අය අතර බෙදා හැරීමට පෙර සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේ වගකීම පුරවැසියන් සතුව පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. එල්. පී. දිසානායක ඇතුළු මාධ්‍යවේදීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් සිසුන් වීශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













