සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාගන්න පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් වෙන්න – අගමැතිනිය

මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත්ම භයානකයි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ශ්‍රී ලාංකීය පාසල් සිසුන් හට සදාචාරය, වගකීම සහ විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කරමින් ජාතික මාධ්‍ය කතිකාවතට සක්‍රීයව දායක වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් කොළඹ ආනනද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ ඊයේ (14) දිනයේ පැවති “සංදේශය” මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ “සංදේශය” සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මාන පිරිනැමීමත්, පාසල් අංශයේ දක්ෂයින් වෙනුවෙන් මාධ්‍ය සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යයයේ තිබෙන තොරතුරු අන් අය අතර බෙදා හැරීමට පෙර සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේ වගකීම පුරවැසියන් සතුව පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. එල්. පී. දිසානායක ඇතුළු මාධ්‍යවේදීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් සිසුන් වීශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20