spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත

යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පරිගණක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඔහු 02/05 දින රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුනා.

ඉකුත් 05/09 දින අරලිය ගහ මන්දිරයට පහර දීම සිදු වීමට ආසන්න අවස්ථාවකදී , එම ස්ථානය ඉදිරිපිට සිට ඒ පිළිබඳ ජනතාව කුපිත වන ආකාරයේ වැඩසටහනක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමේ චෝදනාව යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය .

මේ පිළිබඳව අවස්ථා දෙකකදී කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත කැදවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඉන්පසුව දර්ශන හදුන්ගොඩ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අත් අඩංගුවට ගත් සැනින් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?