වඳුරු සහ රිලා ගහණය බෝවීම පාලනයට පේරාදෙණිය සරසවියෙන් අලුත් ක්‍රමයක් (ඡායාරූප)

බෝවීම පාලනය කිරීමේ අරමුණින් රිළවියන් සහ වැදිරියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ්ගැනීම වැලැක්වීමට ඇති හැකියාව සම්බන්ධ සාර්ථක පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මඟින් සිදුකර තිබෙනවා.

ඒ, අනුව රිළවියන් සහ වැදිරියන්ට ගැළපෙන අයුරින් නව ලූපයක් නිර්මාණය කර එය රිළවියකගේ ගර්භාෂයේ තැන්පත් කිරීම ඊයේ (24) සාර්ථකව සිදුකරනු ලැබුවා.

එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු එක හමාරක පමණ වන රිළවියක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණා.

සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැකගැනීමට ලැබුණු බවයි මෙම පරීක්ෂණය සඳහා සම්බන්ධ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කළේ.

කාන්තාවන් ගැබ් ගැනීම වැලැක්වීම සඳහා උපත් පාලන ක්‍රමයක් ලෙස මේ ආකාර පැළඳවී සිදුකරන බවත්, මෙයට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණ අසාර්ථක වීම හේතුවෙන් ප්‍රමාණයෙන් කුඩා නව ලූපය නිර්මාණය කළ බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

රිළවියකගේ ගර්භාෂය නිතර සංකෝචනය වීමත්, ඉන් ශ්‍රාවයන් නිකුත් වීම අධික වීමත් හේතුවෙන් තැන්පත් කරන ලූපය පිටතට තල්ලු වීමේ ප්‍රවනාතාව වැඩි බවත් කුඩා ප්‍රමාණයට නිර්මාණය කළ නව ලූපය පිතටට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ලූපය තැන්පත් කිරීම සඳහා සත්වයා සිහිසුන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන බවත්, අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ කාලයක් ගතවන බවත් පැවසූ මහාචාර්යවරයා මෙය මෙරට රිලා ගහණය පාලනය කිරීමට ප්‍රායෝගිකව යොදාගැනීමට ඇති හැකියාව වැඩි බව ද සඳහන් කර සිටියා.

වසර 20ක පමණ අයු කාලයක් ඇති රිළවියක් සාමාන්‍යයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 -15 අතර සංඛ්‍යාවක් බිහි කරනවා.

මේ හේතුවෙන් රිළා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍යය කරණයක් බවට සියලු පාර්ශ්ව හඳුනාගෙන ඇති බවයි මහාචාර්ය අශෝක දංගොල්ල පැවසුවේ.

මෙම නව ක්‍රමයේ දී පැයක පමණ කාලයක දී ලූපය තැන්පත් කර සත්වයා යළි වනයට මුදාහැරීමට හැකි බව ද ඔහු පවසා සිටියා.

වන්ද්‍යාකරණ සැත්කමකට ලක්කළ හොත් අවම වශයෙන් දින තුනක් පමණවත් සත්වයා රැකබලා ගැනීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍යය මානව සම්පත ද වැඩිවීම හේතුවෙන් වැයවන මුදල ද ඉහළ අගයක් ගනු ලබනවා.

ඒ, අනුව ලූපය තැන්පත් කළ රිළවිය ස්කෑන් පරීක්ෂණයක් මගින් පරීක්ෂණයේ සාර්ථකත්වය තහවුරු කර ගත හැකි බවද මේ ක්‍රමවේදයේ සඳහා වැය වනුයේ රුපියල් දෙදහසක් වැනි මුදලක් බව ද මහාචාර්යවරයා පවසා සිටියා.

මෙරට එළවළු හා පළතුරු නිෂ්පාදනයට මෙන්ම ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට ද මේ වනවිට රිලව්න්ගෙන් සහ වඳුරන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.

0
vlcsnap 2024 04 24 14h09m23s745
vlcsnap 2024 04 24 14h10m07s905
vlcsnap 2024 04 24 14h10m24s600
vlcsnap 2024 04 24 14h09m44s360


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18