spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව කල් යයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා

මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා සඳහන් කළේ එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 30 වනදා සිදුකරන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?