රඳවා ගැනීමේ බද්දෙන් අපහසුතාවයට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාවට සහනයක් (වීඩියෝ)

රඳවා ගැනීමේ බද්දෙන් අපහසුතාවයට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාසික පොළිය රුපියල් ලක්ෂයට වඩා අඩු පිරිසගෙන් රඳවාගන්නා පොළිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විටත් අදාළ ප්‍රතිපූර්ණ කටයුතු සඳහා බිලියන 40කට ආසන්න මුදලක් වර්ෂයකට යෙදවිය යුතුව පවතින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය කාලයේ 16%ක්ව තිබූ ණය පොළිය 9% තෙක් අඩුකර ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින බවත්, සැලසුම් සහගත නොවී ක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවට පවතින මුදල් ප්‍රවාහ අනුව විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා ක්‍රියාත්මක වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොළී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14