සමාජයේ මෙන්න මේ අයට ඔමික්‍රෝන් වැළඳීම භයානකයි

කොවිඩ් අාසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේදි අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේවනවිට සමාජයෙන් හඳුනාගන්නා පිරිසගෙන් සියයට පනහකටම ආසාදිත වී තිබෙන්නේ ඔමික්‍රෝන් වයිරසය බවට සැක පළ කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම වයිරසය ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට ආසාදනය වුවහොත් සංකුලතා වැඩිවීම සහ මරණයට පත්වීමේ අවදානම වැඩිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සමාජයේ සිටින අතර ඔවුන් මගින් තවත් කෙනකුට බෝවීමේ හැකියාවද පවතී.

දෛනිකව ආසාදිතවන පුද්ගලයන් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවන පුද්ගලයන්ද වැඩි වශයෙන් සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔමික්‍රෝන්,කොවිඩ් ආසාදිත වනවාට වඩා එය භයානක තත්ත්වයක් බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?