සමාජයේ මෙන්න මේ අයට ඔමික්‍රෝන් වැළඳීම භයානකයි

කොවිඩ් අාසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේදි අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේවනවිට සමාජයෙන් හඳුනාගන්නා පිරිසගෙන් සියයට පනහකටම ආසාදිත වී තිබෙන්නේ ඔමික්‍රෝන් වයිරසය බවට සැක පළ කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම වයිරසය ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට ආසාදනය වුවහොත් සංකුලතා වැඩිවීම සහ මරණයට පත්වීමේ අවදානම වැඩිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සමාජයේ සිටින අතර ඔවුන් මගින් තවත් කෙනකුට බෝවීමේ හැකියාවද පවතී.

දෛනිකව ආසාදිතවන පුද්ගලයන් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවන පුද්ගලයන්ද වැඩි වශයෙන් සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔමික්‍රෝන්,කොවිඩ් ආසාදිත වනවාට වඩා එය භයානක තත්ත්වයක් බවට වෛද්‍යවරු අනතුරු අඟවති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40