ICC සම්මානයට පාත්‍ර වූ අරවින්ද ද සිල්වා දිවයිනට (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට පාත්‍ර කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා එම සම්මාන රැගෙන ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී සිය අදහස් ප්‍රකාශ කළ අරවින්ද ද සිල්වා,

“මේ අවස්ථාවේ මට උදව් කළ දෙමාපියන්, ගුරුවරුන්, මගේ අමාරු අවස්ථාවලදී මට අතහිත දුන් හිතවතුන් මෙන්ම ලෝකය වටේම ඉන්න මගේ ක්‍රිකට් ලෝලීන් මම සිහිපත් කරනවා.”

ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

“ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. පරාජය ක්‍රීඩාවට ආවේනික පොදු දෙයක්. අපි කෙටි කාලීන සැළසුම්වලින් බැහැරව දිගු කාළීන සැළසුම් සකස් කර කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතුයි. ඒ සදහා ක්‍රීඩකයින්ට අවශ්‍ය නිවැරැදි මග පෙන්වීම, අතහිත දීම සිදු කළ යුතුයි. ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කිරීම සිදු කළ යුතු අතර නීතීඥ සහාය ද අවශ්‍ය පරිදි ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.”

දැනට ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව සොයා බලා ඒ සදහා නීත්‍යානුකූලව පිළියම් යෙදීමට පියවර ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා. අවසාන වශයෙන් සියලු දෙනා එක්ව පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා පොදු සැළැස්මක් යටතේ කටයුතු කළ යුතු බවයි අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් කියාසිටියේ.

ඔහු ඊයේ(17) රාත්‍රී 10.50ට මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනැමුණා.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදීයි.

අරවින්දට අමතරව 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජිට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
3
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?