ICC සම්මානයට පාත්‍ර වූ අරවින්ද ද සිල්වා දිවයිනට (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට පාත්‍ර කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා එම සම්මාන රැගෙන ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී සිය අදහස් ප්‍රකාශ කළ අරවින්ද ද සිල්වා,

“මේ අවස්ථාවේ මට උදව් කළ දෙමාපියන්, ගුරුවරුන්, මගේ අමාරු අවස්ථාවලදී මට අතහිත දුන් හිතවතුන් මෙන්ම ලෝකය වටේම ඉන්න මගේ ක්‍රිකට් ලෝලීන් මම සිහිපත් කරනවා.”

ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

“ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. පරාජය ක්‍රීඩාවට ආවේනික පොදු දෙයක්. අපි කෙටි කාලීන සැළසුම්වලින් බැහැරව දිගු කාළීන සැළසුම් සකස් කර කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතුයි. ඒ සදහා ක්‍රීඩකයින්ට අවශ්‍ය නිවැරැදි මග පෙන්වීම, අතහිත දීම සිදු කළ යුතුයි. ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කිරීම සිදු කළ යුතු අතර නීතීඥ සහාය ද අවශ්‍ය පරිදි ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.”

දැනට ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව සොයා බලා ඒ සදහා නීත්‍යානුකූලව පිළියම් යෙදීමට පියවර ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා. අවසාන වශයෙන් සියලු දෙනා එක්ව පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා පොදු සැළැස්මක් යටතේ කටයුතු කළ යුතු බවයි අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් කියාසිටියේ.

ඔහු ඊයේ(17) රාත්‍රී 10.50ට මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනැමුණා.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදීයි.

අරවින්දට අමතරව 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජිට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
3
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08