AFC Banner
Empty Ad
Empty Ad

සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසයේ කළමනාකරු ඇතුළු මෙම සැකකරුවන් කොල්ලුපිටිය පොලිසිය විසිනුයි ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් විසින් මෙම ගණිකා නිවාසය පාලනය කර ඇති අතර තවත් කාන්තාවන් 4 දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හේනේගම, හෝමාගම, දෙහිඅත්තකණ්ඩිය සහ තුම්මෝදර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27, 38, 44 සහ 46 වයස්වල පසුවන කාන්තාවන් 4 දෙනෙක්.

මෙම සැකකාරියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?