සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසයේ කළමනාකරු ඇතුළු මෙම සැකකරුවන් කොල්ලුපිටිය පොලිසිය විසිනුයි ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් විසින් මෙම ගණිකා නිවාසය පාලනය කර ඇති අතර තවත් කාන්තාවන් 4 දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හේනේගම, හෝමාගම, දෙහිඅත්තකණ්ඩිය සහ තුම්මෝදර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27, 38, 44 සහ 46 වයස්වල පසුවන කාන්තාවන් 4 දෙනෙක්.

මෙම සැකකාරියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34