සජබෙ න් අගරදගුරු හිමියන්ට විශේෂ ලිපියක් – පාස්කු ප්‍රහාරය ගැන දුන් පොරොන්දුත් වෙනස් නොවන බව කියයි (නිවේදනය)

‘පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට සත්‍ය ලෙස ම යුක්තිය ඉටු වේවි ද?’ යන මැයෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම ලිපිය සමගි ජන බලවේගය විසින් අගරදගුරුතුමන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙහි සඳහන් වන්නේ ඉහත ලිපියෙහි අඩංගු කරුණු ඔබ වහන්සේ සිදු කළ ප්‍රකාශයක් ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් කාදිනල් හිමියන්ගේ ඡායාරූපයක් ද සහිත ව විකෘති කරන ලද ප්‍රවෘත්තියක් පළ ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතෝලික අගරදගුරු මාධ්‍ය අංශය සිදු කළ පැහැදිලි ප්‍රකාශය ගැන සිය ගෞරවනීය කෘතවේදීත්වය පළ කරන බවටයි.

එමෙන්ම එම ලිපියෙහි ජනාධිපති නීතිඥවරයා විසින් අගරදගුරුතුමන් වෙත යොමු කළ ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්වීමේ නඩුකරයට ඉදිරිපත් වූ මැදිහත් පෙත්සම්කරුවෙකු වූ පූජ්‍ය මහාචාර්‍ය අගලකඩ සිරිසුමන නා හිමියන් සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ ව කළ ප්‍රකාශයක් ඉස්මතු කරමින් සමගි ජන බලවේගය පාස්කු ප්‍රහාරය පිළිබඳ ව දරන ස්ථාවරය වෙනස් වීමට ඉඩ ඇති බවට වූ සැකයක් නිර්මාණය කිරීමට බවත් සමගි ජන බලවේගය නිකුත් කළ ලිපියෙහි දැක්වෙනවා.

නමුත් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගරදගුරුතුමන් වන ඔබ වහන්සේට ඉදිරිපත් කරමින් මෙන් ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ ව තම නායක සජිත් ප්‍රේමදාස මහතා ලිඛිත ව සහ වාචිකව ලබා දී ඇති ප්‍රතිඥාවන් කිසිලෙසක වෙනස් නොවන බව ද යළි යළිත් අවධාරණය කිරීමට සමගි ජන බලවේගය නිකුත් කළ විශේෂ ලිපිය මගින් උත්සාහ දරා තිබෙනවා.

සමගි ජන බලවේගය අගරදගුරුතුමන්ට යොමු කළ විශේෂ ලිපිය මෙතැනින් කියවන්න…https://drive.google.com/file/d/1LPAR6Cx3hWn_S2U4Q6fCuBW3FC8zgkVx/view?usp=sharing

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
13
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?