සභාපතිව අත්අඩංගුවට ගන්න පොලිසිය ඇවිත් මතුගම ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

මතුගම ප්‍රාදේශීය සභා කාර්යාලය තුළ අද (02) දහවල් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී ප්‍රාදේශීය සභා සේවකයින් විසින් සභාපතිවරයාව ඔහුගේ නිල කාමරයට දමා අඟුළු දැමීමට කටයුතු කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම පොලිස් වාහනවලට ප්‍රාදේශීය සභා භූමියෙන් පිටතට යාමට නොහැකිවන ලෙස ප්‍රාදේශීය සභාවේ වාහන මාර්ගය අවහිර වන සේ නවතා තැබීමට ද සේවකයින් කටයුතු කර තිබෙනවා.

මේ අතර ප්‍රාදේශීය සභා සේවකයින් විසින් පොලිසියේ ක්‍රියාකලාපයට විරෝධය පා විරෝධතා පුවරු ද අතැතිව විරෝධත්වයක නිරත වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරුද්ධව අද (02) උදෑසන ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ විසින් මතුගම පොලිසිය ගොස් පැමිණිල්ලක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?