සබ්මැරීන් ලෝකයේ ඉන්දියාවේ අලුත්ම පිම්මට අවසර

ප්‍රොජෙක්ට් 75 ඉන්දියා (P-75I) යටතේ දියුණු සබ්මැරීන 06ක් ඉදිකිරීම සඳහා ජර්මනියේ තයිසන්කෘප් මැරීන් සිස්ටම්ස් (TKMS) සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දීය මධ්‍යම රජය ආරක්ෂක අමාත්‍යාංශයට සහ මැසගෝන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් (MDL) හට අවසර ලබාදී ඇතැයි ANI වාර්තා කරනවා.

මෙම අවසරය හිමි වූයේ මාස හයකට වැඩි කාලයක පමාවකින්.

ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් ANI වාර්තා කළේ මෙම මාසය අවසන් වන විට සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ප්‍රොජෙක්ට් 75 ඉන්දියා යනු ජර්මනිය සතු AIP පද්ධතිය සහිත සබ්මැරීන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමේ ව්‍යපෘතියක්.

එම තාක්ෂණය මඟින් සබ්මැරීනවලට සති තුනක් දක්වා ජලය යට රැඳී සිටීමට ඉඩ සැලසෙනවා.

චීන නාවික හමුදාව ඉන්දියානු සාගරයේ සිය පැවැත්ම වේගයෙන් පුළුල් කිරීම සහ පකිස්ථානය ද එහි මුහුදු යට බලඇණිය ශක්තිමත් කිරීමත් සමඟ, සබ්මැරීන නිෂ්පාදනය සහ නවීකරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාව අවධානය යොමු කර තිබෙනවා.

මේ හා සමගාමීව ඉන්දියාව න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් ගොඩනැංවීම ද සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?