සබරේ සිදුවීම ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් – අගතියට පත් පාර්ශ්වයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹයි

පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති සිසුවා සියදිවි හානි කරගැනීමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අගතියට පත් පාර්ශ්වයේ සිසුන් පිරිසක් අද (02) සමනලවැව පොලිසිය වෙත කැඳවා තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශය අද දහවල් සමනල වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී, ඔහු කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවත්, පැමිණිලි පාර්ශ්වයන් කැඳවා මේ වනවිට ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කරමින් සිටින බවයි.

චරිත් දිල්ෂාන් නමැති සිසුවාට පසුගියදා විශ්වවිද්‍යාලයේ දී ජ්‍යේෂ්ඨ සරසවි සිසුන් කිහිපදෙනෙකු එක් ව නවකවදයට ලක් කළ බවට වන පැමිණිලි රැසක් විවිධ පාර්ශ්ව වෙතින් පොලිසියට ලැබී තිබෙන බවත් වාර්තා වනවා.

එමෙන්ම මෙම සිසුවා ඉහළගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයකින් සිට ඇති බවයි සිසුවාගේ දෙමාපියන් සහ ඥාතීන් චෝදනා කරන්නේ.

පසුව ඔහු නිවසේ පිහිටි කුකුල් කූඩුවක සියදිවි හානි කරගෙන ඇති බවත් මියයෑමට පෙර තමන් මුහුණ දුන් මානසික පීඩනය ගැන ලියූ ලිපියක් ද තිබී සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද විශ්වවිද්‍යාලය මට්ටමින් පත් කර තිබෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවයි.

මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයි.එස් චන්ද්‍රසේකර මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර සිටිනවා.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?