2025 වර්ෂය සඳහා වන අ.පො ස උසස් පෙළ විභාගය, අනිද්දා දින එනම් එළඹෙන (10) දින අරඹ වීමට නියමිතයි.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අයහපත් කාලගුණයෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සමඟ ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතුකර තිබෙනවා.
යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පැවසෙනවා.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුරකථනවලට ද දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබා ගත හැකි බවයි නිවේදනයේ සඳහන් වන්නේ.





