සඳුදා ආරම්භ වන උසස් පෙළ පිළිබද රජයෙන් විශේෂ නිවේදනයක්

2025 වර්ෂය සඳහා වන අ.පො ස උසස් පෙළ විභාගය, අනිද්දා දින එනම් එළඹෙන (10) දින අරඹ වීමට නියමිතයි.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අයහපත් කාලගුණයෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සමඟ ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතුකර තිබෙනවා.

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පැවසෙනවා.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුරකථනවලට ද දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබා ගත හැකි බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27