Empty Ad
AFC Banner
Empty Ad

සඳුදා ආණ්ඩුවට තීරණාත්මකයි

සඳුදා (01දා) දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

මීට හේතු වී ඇත්තේ එදින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි’ සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබීමය.

මේ සම්බන්ධයෙන් දැනටමත් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, සුළු පක්‍ෂ කිහිපයකුත් විරෝධය පළකොට ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධානීන් ප්‍රසිද්ධියේම කියා සිටියේ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවකි.

ඒ අනුව සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර, ඇතැම් පාර්ශ්වයන් සඳහන් කර සිටින්නේ වරාය වෘත්තීය සමිති එකමුතුව මේ වන විට නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබීම හේතුවෙන් බොහෝ දුරට මෙම කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ ඉදිරිපත් නොවීමටත් ඉඩ ඇති බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>