සඳගල ඉස්සූ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

කුණ්ඩසාලේ – උඩමළුව පුරා විද්‍යා භූමියේ තිබූ සඳගල නමැති පුරා විද්‍යා වස්තුව සොරකම් කිරීම සඳහා ආධාර අනුබල දීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මොවුන් දෙදෙනා ඊයේ (20) දහවල් මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් දෙදෙනා ම වයස අවුරුදු 40ක් වන කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (21) දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?