සන්ෆලවර් ‘චලා’ගේ නිසල දේහය නිවසට (ඡායාරූප)

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ ජීවිතක්ෂයට පත්වූ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්තගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

චලනට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිටත් කටාන, හල්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

පෙරේදා (28) රාත්‍රියේ ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකින් පසු ඇතිවූ හෘදයාබධයක් හේතුවෙන් ඔහු ඇහැළියගොඩ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

රෝහලට ඇතුළත් කරන විටත් චලන ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?