සද්දන්තයෙකුට කෑම කැවූ තරුණයෙකුට අලි ප්‍රහාරයක්

හැටන් – කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක ඊයේ (12) දින පැවති පෙරහැරට රැගෙන ආ
අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හින්දු කෝවිලේ පෙරහැර අවසන් වී අලියා විවේක ගැනීම සඳහා කෝවිලේ පසක ගැට ගසා තිබිය දී තරුණයෙකු අලියාට කෑම දී ඇති බවයි.

කෑම දෙන අතරමග දී එම තරුණයා විසින් අලියාගේ හිස පෙදෙස සිය අතින් ස්පර්ශ කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී අලියා සිය හොඬවැලෙන් දරුණු පහරක් තරුණයාගේ පපු කොටසට එල්ල කර ඇති බවයි දැක්වෙන්නේ.

අලියාගේ පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

නමුත් ඔහුගේ තත්ත්වය මේ වනවිට යථා තත්ත්වයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහරකෑමට ලක් වූ තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?