AFC Banner
AFC Banner
Empty Ad

සතොස වෙළඳසැල් දහසක් කරන්න රජයේ සූදානමක් – වෙළඳ ඇමති (වීඩියෝ)

රට පුරා සතොස වෙළඳසැල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එමෙන්ම පාරිභෝගිකයන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම වසර තුළ දී පමණක් සතොස වෙළෙඳසැල් එකසිය පනහකට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජයේ මැදිහත්වීමෙන් වෙළඳපළ තුළ පාරිභෝගික භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා කටයුතු කරන බවත්, පසුගිය මාසය තුළ දී භාණ්ඩවල මිල 17% කින් පමණ අඩු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

අනුරාධපුර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?