Empty Ad
AFC Banner
Empty Ad

සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන එක්ව වී මිලදී ගැනීමේ සූදානමක් (වීඩියෝ)

සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ඉදිරියේ දී රජය විසින් ආරම්භ කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

සහල් මේට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න සහල් තොග ගබඩා කළ හැකි ගබඩා පහසුකම් සතොස හා වී අලෙවි මණ්ඩලය සතු පවතින බවත්, ඒ අනුව සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇරඹීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ක්‍රම කිහිපයක් ඔස්සේ වෙළඳපොළට සහල් නිකුත් කිරීම සඳහා ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බවත්, පසුගිය දින 10 ඇතුළත දී පමණක් පොළොන්නරුව ප්‍රදේශයේ මෝල් හිමියන් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 100කට වැඩිය ප්‍රමාණයක් වෙළඳපොළට නිදහස් කිරීමට රජය මැදිහත් වූ බවත්, වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම සතොස හරහා මෙට්‍රික් ටොන් 3000කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමටත්, ආනයනය කිරීම් නිදහස් කිරීම හරහා ඊයේ (20) සවස් වන විට සහල් මෙට්‍රික් ටොන් 65,000ක් වෙළඳපොළට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මේ අතර උත්සව සමයන් තුළ දී භාණ්ඩ හිඟය සහ මිල වැඩිවීම සාමාන්‍යකරණය තත්ත්වයක් වුව ද පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහල් ඇතුළු අනෙකුත් සියලුම පාරිභෝගික භාණ්ඩ මගින් අයතා ලාභ ලබාගැනීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

පොහොර සහනාධාරය පමා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය සතිය ඇතුළත හිඟ පැවැති රුපියල් බිලියන 04කට ආසන්න මුදල්වලින් රුපියල් බිලියන 03ක මුදලක් නිදහස් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?