සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන එක්ව වී මිලදී ගැනීමේ සූදානමක් (වීඩියෝ)

සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ඉදිරියේ දී රජය විසින් ආරම්භ කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

සහල් මේට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න සහල් තොග ගබඩා කළ හැකි ගබඩා පහසුකම් සතොස හා වී අලෙවි මණ්ඩලය සතු පවතින බවත්, ඒ අනුව සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇරඹීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ක්‍රම කිහිපයක් ඔස්සේ වෙළඳපොළට සහල් නිකුත් කිරීම සඳහා ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බවත්, පසුගිය දින 10 ඇතුළත දී පමණක් පොළොන්නරුව ප්‍රදේශයේ මෝල් හිමියන් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 100කට වැඩිය ප්‍රමාණයක් වෙළඳපොළට නිදහස් කිරීමට රජය මැදිහත් වූ බවත්, වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම සතොස හරහා මෙට්‍රික් ටොන් 3000කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමටත්, ආනයනය කිරීම් නිදහස් කිරීම හරහා ඊයේ (20) සවස් වන විට සහල් මෙට්‍රික් ටොන් 65,000ක් වෙළඳපොළට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මේ අතර උත්සව සමයන් තුළ දී භාණ්ඩ හිඟය සහ මිල වැඩිවීම සාමාන්‍යකරණය තත්ත්වයක් වුව ද පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහල් ඇතුළු අනෙකුත් සියලුම පාරිභෝගික භාණ්ඩ මගින් අයතා ලාභ ලබාගැනීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

පොහොර සහනාධාරය පමා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය සතිය ඇතුළත හිඟ පැවැති රුපියල් බිලියන 04කට ආසන්න මුදල්වලින් රුපියල් බිලියන 03ක මුදලක් නිදහස් කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30