spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සත්සර ගත් මාරාන්තික සෙල්ෆිය

ඊයේ(08) සවස හතරට පමණ ඉපලෝගම ජයඟග පාර පුංච්කුලම පදිංචි වයස අවුරුදු 14 හැවිරිදි දරුවෙකු තම නිවස ඉදිරිපිටින් ගලා බසින ජයඟගට නැවී ඇති මාර ගසකට නැග තමන්ගේ ඡායාරූප ( selfy) ගන්නා අවස්තාවේ ඟගට ඇදවැටී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ඉපලෝගම ගන්තිරියාගම පාසලේ ඉගෙනුම ලබන නිදේශ් සත්සර නම් දරු‍වෙක්ය.ඔහුගේ පියා රැකියාව සඳහා විදේශගතව ඇති අතර මව සහ තම වැඩිමල් සහෝදරිය සහ බාල සහෝදරයා සමඟ නිවසේ වෙසෙන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මියගිය දරුවා සහ අවට අනෙකුත් දරුවන්ද මෙම ජය ඟගෙන් සෑම දිනකම විනෝදාංශයක් ලෙස දිය නාන බවයි.

මෙම සිද්ධිය සිදුවන වේලාවේ මියගිය දරුවා තවත් ඥාති බාල සහෝදරයෙක් සමඟ දියනෑමට ගොස් ඇති අතර එම සහෝදරයා ගොඩ සිටි වේලාවේ මොහු මාරගසට නැග තමන්ගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ජයඟගට ඇදවැටී මියගොස් ඇත. පසුව ප්‍රදේශවාසීන් සහ ඉපලෝගම පොලිසියද එක්ව ජයඟගේ ජල පහර වසා දරුවාගේ සිරුර ගොඩගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉපලෝගම පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?