සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘Shair Bagh’ (සිංහ උද්‍යානය) නම් ප්‍රාදේශීය සත්වෝද්‍යානයේ කොටි කූඩුවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ විකෘති වී ගිය මළ සිරුරක් හමුවී තිබෙනවා.

ප්‍රාන්තයේ වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව කොටියන් විසින් අදාළ මළ සිරුරේ කකුල් ඇතුළු ශරීරයේ පහළ කොටසේ මස් අනුභව කර ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔහු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි බවටයි හෙළිවී ඇත්තේ.

සත්වෝද්‍යානයේ සේවකයෙකු විසින් එහි රඳවා සිටි කොටි හතර දෙනාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම මිනිස් සිරුර සොයාගෙන ඇති බව පැවසෙනවා.

කොටි කූඩුවෙන් මිනිසෙකුගේ සිරුරක් හමුවීම පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත නියෝජ්‍ය කොමසාරිස් සහීර් අන්වර් ජප්පා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන අතර නොසැලකිලිමත් ලෙස ක්‍රියා කළ සත්වෝද්‍යාන නිලධාරීන්ට දඬුවම් කරන බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බහවල් වික්ටෝරියා රෝහලේ (BVH) මෘත ශරීරාගාරය වෙත ගෙන යනු ලැබුවා.

සත්වෝද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන බහවල්පූර් කොට්ඨාශ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ අලි උස්මාන් බොඛාරි පැවසුවේ තමා නිල රැස්වීමක් සඳහා මුල්තාන් වෙත ගිය අතරවාරයේ කොටි කූඩුවේ මිනිසෙකුගේ මළ සිරුරක් හමුවීම පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ඉක්මනින් ආපසු පැමිණි බවයි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හෝ මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව පෙනී ගොස් ඇති අතර කොටි විසින් සිරුරේ පහළ කොටසේ මස් අනුභව කළද, වින්දිතයාගේ මුහුණ සහ ඉහළ කොටස් තවමත් නොවෙනස්ව පවතින බවත් භාරකරු ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා කොටි කූඩුවට ප්‍රවේශ වූයේ කෙසේද යන්න පිළිබඳව රාත්‍රී මුර සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතයි.

මේ අතර, පන්ජාබ් භාරකාර මහ ඇමති මොහ්සින් නක්වි, සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින්, පන්ජාබ් වනජීවී ලේකම්ගෙන් සහ බහවල්පූර් කොමසාරිස්ගෙන් වාර්තාවක් ද ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?