සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘Shair Bagh’ (සිංහ උද්‍යානය) නම් ප්‍රාදේශීය සත්වෝද්‍යානයේ කොටි කූඩුවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ විකෘති වී ගිය මළ සිරුරක් හමුවී තිබෙනවා.

ප්‍රාන්තයේ වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව කොටියන් විසින් අදාළ මළ සිරුරේ කකුල් ඇතුළු ශරීරයේ පහළ කොටසේ මස් අනුභව කර ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔහු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි බවටයි හෙළිවී ඇත්තේ.

සත්වෝද්‍යානයේ සේවකයෙකු විසින් එහි රඳවා සිටි කොටි හතර දෙනාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම මිනිස් සිරුර සොයාගෙන ඇති බව පැවසෙනවා.

කොටි කූඩුවෙන් මිනිසෙකුගේ සිරුරක් හමුවීම පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත නියෝජ්‍ය කොමසාරිස් සහීර් අන්වර් ජප්පා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන අතර නොසැලකිලිමත් ලෙස ක්‍රියා කළ සත්වෝද්‍යාන නිලධාරීන්ට දඬුවම් කරන බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බහවල් වික්ටෝරියා රෝහලේ (BVH) මෘත ශරීරාගාරය වෙත ගෙන යනු ලැබුවා.

සත්වෝද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන බහවල්පූර් කොට්ඨාශ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ අලි උස්මාන් බොඛාරි පැවසුවේ තමා නිල රැස්වීමක් සඳහා මුල්තාන් වෙත ගිය අතරවාරයේ කොටි කූඩුවේ මිනිසෙකුගේ මළ සිරුරක් හමුවීම පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ඉක්මනින් ආපසු පැමිණි බවයි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හෝ මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව පෙනී ගොස් ඇති අතර කොටි විසින් සිරුරේ පහළ කොටසේ මස් අනුභව කළද, වින්දිතයාගේ මුහුණ සහ ඉහළ කොටස් තවමත් නොවෙනස්ව පවතින බවත් භාරකරු ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා කොටි කූඩුවට ප්‍රවේශ වූයේ කෙසේද යන්න පිළිබඳව රාත්‍රී මුර සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතයි.

මේ අතර, පන්ජාබ් භාරකාර මහ ඇමති මොහ්සින් නක්වි, සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින්, පන්ජාබ් වනජීවී ලේකම්ගෙන් සහ බහවල්පූර් කොමසාරිස්ගෙන් වාර්තාවක් ද ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13