සජිත්ගේ ආරක්ෂාවට ගිය රථයක ගැටී දෙදෙනෙක් රෝහලේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂක අංශයට යොදවා තිබූ ප්‍රභු ආරක්ෂක රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අම්පාර, දමන පොලිස් වසමේ හෙළගම්පුර හංදිය අසළ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රභු ආරක්ෂක රථය යතුරුපැදියට ඉස්සර කිරීමට යාමේ දී යතුරුපැදිය එක්වරම මාර්ගය දෙසට කැපීමත් සමඟ එය ප්‍රභූ ආරක්ෂක රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල්ගත කළ එක් අයෙකු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

ප්‍රභූ ආරක්ෂක රථය පැදවූ රියදුරා දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (15) අම්පාර අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී ඔහුව ලබන බදාදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03