Empty Ad
AFC Banner
Empty Ad

සජිත්ගේ ආරක්ෂාවට ගිය රථයක ගැටී දෙදෙනෙක් රෝහලේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂක අංශයට යොදවා තිබූ ප්‍රභු ආරක්ෂක රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අම්පාර, දමන පොලිස් වසමේ හෙළගම්පුර හංදිය අසළ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රභු ආරක්ෂක රථය යතුරුපැදියට ඉස්සර කිරීමට යාමේ දී යතුරුපැදිය එක්වරම මාර්ගය දෙසට කැපීමත් සමඟ එය ප්‍රභූ ආරක්ෂක රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල්ගත කළ එක් අයෙකු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

ප්‍රභූ ආරක්ෂක රථය පැදවූ රියදුරා දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (15) අම්පාර අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී ඔහුව ලබන බදාදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?